ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ හා ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් බොරැල්ලේ ප්‍රබල ව්‍යාපාරිකයෙකුගේ නිවසක සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
මෙම සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන මහින්දානන්ද අලූත්ගමගේ, වාසුදේව නානායක්කාර, ඩලස් අලහප්පෙරුම සහ නාමල් රාජපක්ෂ ද සහභාගි වී ඇති බවයි වාර්තා වන්නේ.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මෙම සාකච්ඡාවට අනුර පි‍්‍රයදර්ශන යාපා, සුසිල් පේ‍්‍රමජයන්ත් අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා ද එක්ව සිටියා.
දෙපාර්ශ්වය අතර මෙහිදී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙනඑන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සියලූ මන්තී‍්‍රවරුන් අදාළ විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබිය යුතු බවටයි මෙහිදී සාකච්ඡා වී ඇත්තේ.
ජාතික ආණ්ඩුව නියෝජනය කරන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍ර කණ්ඩායම අග්‍රාමාත්‍යවරයා සමග කටයුතු කිරීමට අකමැති බව පවසමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් භාරදීමටද මෙහිදී එකගතාවකට පැමිණ තිබෙනවා.
අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන් තීරණයක් ගන්නේ නම් ඒ පිළිබදව ජනාධිපතිවරයාගෙන් විමසිය යුතු බවයි මහින්ද සමරසිංහ සහ සරත් අමුණුගම යන අමාත්‍යවරුන් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ. කෙසේවෙතත් ඊයේ පැවති සාකච්ඡාවට මෙම අමාත්‍යවරුන් දෙදෙනා සහභාගි වී නැහැ.