බෙලිඅත්ත, බෝගහවත්ත, ගැටමාන්න බටහිර ප‍්‍රදේශයේදී සිදුවූ ළමා අපචාර චෝදනාවක් සම්බන්ධයෙන් මාතර මානව හිමිකම් කාර්යාලයේ විමර්ශන නිලධාරියෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සිය වැඩිමහල් සහෝදරයාගේ අට හැවිරිදි දියණිය අපහරණය කර ඇති බවටයි පොලීසියට පැමිණිලි කර ඇත්තේ.
සැකකරු වැඩිමහල් සහෝදරයාගේ නිවසට පැමිණි අවස්ථාවේ මෙම අපහරණය සිදුකර තිබෙනවා. අදාළ දැරිය වෛද්‍ය පරීක්‍ෂණයක් සදහා බෙලිඅත්ත රෝහල වෙත යොමු කළ බවයි පොලීසිය පැවසුවේ. බෙලිඅත්ත පොලීසිය මගින් වැඩිදුර පරීක්‍ෂණ කි‍්‍රයාත්මකයි.