ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පළාත් පාලන ඡන්ද විමසීම සඳහා තරග කර ජයග‍්‍රහණය කළ අපේක්‍ෂකයින් අද (18) කොළඹට කැඳවා තිබෙනවා.
ඔවුන් සහභාගි වන රැස්වීමක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද ආරම්භ වුයේ කොළඹ ජනාධිපති මන්දිරයේදීයි.
එම අවස්ථාවට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මැති ඇමතිවරුන් රැසක්ද එක්ව සිටිනවා. පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම පිළිබදවද මෙහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉදිරි ගමන්මග පිළිබදවද අවධානය යොමු කෙරුණු බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.