Sunday, December 22, 2024

General line - 0115112241

පාසල් සිසුන්ට නිළ ඇඳුම් වවුචර් පත් ලබාදීමේ වැඩපිළිවල ඉදිරියටත්




පාසැල් සිසුන් සඳහා නිළ ඇඳුම් වෙනුවට වවුචර් පත් නිකුත් කිරිමේ වැඩපිළිවල අඛණ්ඩව සිදුකර ගෙන යන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.

පාසැල් නිළ ඇඳුම් සඳහා රෙදි ලබා දීමේ ක්‍රමවේදය හේතුවෙන් පසුගිය කාලයේදී විශාල මුදලක් වැයවි තිබෙනවා.

එමෙන්ම පාසැල් නිළ ඇඳුම් බෙදා දීමේදි අක්‍රම්කතා සිදුවු බවට චෝදනා ද එල්ල වුණා. එම තත්ත්වය සැලකිල්ලට ගැනිමෙන් පසු පාසැල් සිසුන් සඳහා නිළ ඇදුම් වෙනුවට වවුචර් පත් ලබා දීමට වත්මන් රජය පියවර ගත්තා.

මිට පෙර පැවති ක්‍රමවේදය තුල පාසැල් නිල ඇදුම් සැකසීමට මාස 06ක පමණ කාලයක් ගතවෙන අතර යම් ආකාරයකින් නිෂ්පාදකයින්ට නියම්ත කාලය තුලදි රෙදි ලබා දීමට නොහැකි වුවහොත් විශාල ගැටළුවලට පවා මුහුන දීමට සිදුවුනා.

මෙලෙස රෙදි ලබා දීමේදි ඒවා ගබඩා කර තැබිමට අවශ්‍ය පහසුකම් සපයා ගැනීමේදී ගැටළු පැන නැගුනා.

මෙවැනි කරුණු සැලකිල්ලට ගැනීමේන් අනතුරුව රජය විසින් ක්‍රියාත්මක කල වවුචර් පත් ලබාදිමේ ක්‍රමවේදය පිළිබඳව විදුහල්පතිවරුන් හා දෙමව්පියන්ගේ ඉහල ප්‍රතිචාරයක් හිමිවුනා.

මේ එලෙස දැක්වු අදහස් කිහිපයක්:

බි.ඒ.අබේරත්න - විදුහල්පති, කොළඹ රාජකීය විදුහල;

ඕනෑම ක්‍රමයක් යාවත්කාලිනවීම සහ නවීකරණයවීම අත්‍යවශ්‍යයි. පාසැල් නිළ ඇදුම් ලබාදීම වෙනුවට මෙලෙස වවුචර් පත් ලබාදීම කාලෝච්ත බව ඔහු ප්‍රකාශ කළා.

ප්‍රේමසිරි ඈපා- විදුහල්පති, කොළඹ ඉසිපතන

පසුගිය කාලවකවානුව තුල පාසැල් නිල ඇදුම් විශාල ප්‍රමාණයක් පාසැල තුලට පැණීම නිසා අපට ඒවා ගබඩා කිරිම වෙනුවෙන් විශාල කාලයක්, ශ්‍රමයක් කැපකරන්න වුනා. ඒ වගේම ගබඩා පහසුකම් සපයා ගැනිමේදී අපහසුතාවයන් ඇතිවුනා. ඒ වගේමයි පාසැල් නොපැම්ණි ළමයින් ගේ නිල ඇදුම් ආරක්ෂා කරන්න වුනා.  නමුත් රජයේ නව වැඩපිළිවල සමග අපගේ කාලය ඉතිරි කර ගැනීමට හැකියාවක් ලැබෙනවා.

අතුල ඒකනායක - අනුරාධපුර, හතරැස්වෙල ව්ද්‍යාලය

පාසැල් නිළ ඇදුම් ලබා දිමට වඩා මෙම වවුචර් පත් ක්‍රමය ඉතා නම්‍යශිලියි. සමහර දරුවන්ට නිළ ඇඳුම් තිබෙනවා වෙන්න පුළුවන්. එත් මේ වවුචර් එක මගින් එම දරුවන්ට හැකියාව තියෙනවා තමන්ට පාසැලට අවශ්‍ය සපත්තු ජෝඩුව හෝ පාසැල් පොත් බෑගය මිලදී ගන්න. රජය ගෙනා මේ ක්‍රමවේදය ඉතා වැදගත් කියලා කියන්න පුළුවන්.

එස්.එල්.ඒ. සිරිවර්ධන - විදුහල්පති, මොණරාගල, මල්වත්තාවල ජාතික පාසැල

පාසැල් නිළ ඇඳුම් සඳහා රෙදි වෙනුවට වවුචර් පත් ලබා දිමට පියවර ගැනිම ඉතා වැදගත් දෙයක්. නිළ ඇඳුම් රෙදි ප්‍රවාහනයේදි විශාල මුදලක් වැය වුනා. එත් නව ක්‍රමවේදය තුලින් එම මුදල ඉතිරි කර ගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ මුදල් අධ්‍යාපන සංවර්ධනයට යොදවන්න පුළුවන්. මේ නව ක්‍රමය නිසා අධ්‍යාපනයේ ඉදිරි ගමන් මග තිරණය කිරිමේදි මෙවැනි සාධනීය පියවරක් තැබිය යුතුයි.

මේ අතර රජය විසින් ක්‍රියාවට නංවා තිබෙන් මෙම වවුචර් ලබාදීමේ ක්‍රමවේදය පිළිබඳව දෙමව්පියන්ද සිය ප්‍රසාදය පලකරනවා. ඔවුන් කියා සිටින්නේ පෙර පැවති ක්‍රමවේදය තුල ලැබුනු නිළ රෙදිවල තත්ත්වය ගන්න යම් ගැටළු පැන නැගුනත් නව ක්‍රමය තුල තමන්ගේ දරුවාට ගුණාත්මක රෙදි මිලදි ගැනිමට හැකියාව ලැබි තිබෙන බවයි.

මේ අනුව අඩු වියදම් වඩාත් පහසු නිළ ඇදුම් වවුච්ර් ලබාදිමේ ක්‍රමය අඛණ්ඩව ක්‍රියාත්මක කිරිම අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුණයි.