ජාත්‍යන්තර ප්රමිතීන් අනුව ඉදිකෙරුණු අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රෝහලට රෝගීන් ඇතුළත් කිරීම නවතා දමා තිබෙනවා. ඉකුත් 14 වනදා සිට රෝගීන් ඇතුළත් කිරීම ආරම්භ කළද ඉන් පසු දින සිට එය නවතා දැමීමට සිදුවූ බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. ඒ, රෝහලට අවශ්‍ය කාර්ය මණ්ඩලය නොමැතිවීමෙන්.
වෛද්‍යවරුන් අට දෙනෙකු අවශ්‍ය වුවත් මේ වනවිට බන්ධනාගාර රෝහලේ සේවයට සිටින්නේ එක් වෛද්‍යවරයෙකු පමණයි. එමෙන්ම හෙද නිලධාරීන් 16 ක් අනුමත වුවත් මේ වනවිට එම රාජකාරී සිදුකිරිමට ඇත්තේ එක් හෙද නිලධාරියෙකු පමණක් බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. මේ හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටි නේවාසික රෝගීන් විසි දෙනෙකු නැවත ඔවුන් සිටි සිරමැදිරිවලට යොමුකර තිබෙනවා.