ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා සමග රොහින්ග්‍යා මුස්ලිම්වරුන් සසඳා බැලීම නොහැකි බව ඉන්දියාව පවසනවා. එසේ සැසඳීමෙන් පවතින ගැටළු සම්බන්ධයෙන් ලොව රටවල් අතර වැරදි මතයක් ඇති විය හැකි බවයි ඉන්දිය මධ්‍යම රජය පවසන්නේ.
සරණාගතයන් ලෙස ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන දෙමළ ජනතාව වෙත ලබාදෙන සහන තමන්ට ද ලබා දෙන ලෙස රොහින්ග්‍යා මුස්ලිම්වරුන් ඉන්දිය රජයෙන් ඉල්ලා සිටියා.
නමුත් ඉන්දිය රජය එය ප්රතිකේෂ් කිරිමත් සමග රොහින්ග්‍යා මුස්ලිම්වරුන් එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොණු කරනු ලැබුවා.
අදාළ නඩුව ඊයේ (18) කැඳවු අවස්ථාවේ දී ඉන්දිය රජය විසින් අවශ්‍ය කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.
එහිදී ඉන්දිය රජය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා ඉන්දියාවේ සම්භවයක් සහිත පිරිස් බවයි.
නමුත් රොහින්ග්‍යා මුස්ලිම්වරුන් ඔවුන් සමග සැසඳීම සාධාරණ නොවන බවයි නීතිඥවරුන් පෙන්වා දුන්නේ.
ඊට අමතරව 1964 සහ 1979 යන වසරවල දී ඉන්දිය රජය සහ ශ්‍රී ලංකා රජය අතර ඇති කර ගත් ගිවිසුම් අනුව ශ්‍රී ලාංකීය දෙමළ ජනතාවට ඉන්දියාව සහන සැලසීමට බැඳී ඇති බව නීතිඥවරුන් සඳහන් කළා.
මේ අතර රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ට සහන ලබාදෙන බවට ඉන්දිය මධ්‍යම රජය කිසිදු පොරොන්දුවක් ලබාදී නොමැති බව ද ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර සිටියා.