Sunday, December 22, 2024

General line - 0115112241

'විමල් අත්අඩංගුවට ගන්න'

අධිකරණ වාර්තාකරු




ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ අත්අඩංගුවට ගන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර අද (19) නියෝග නිකුත් කළා.

, අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන්. මීට අමරතව එම පක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර ද අත්අඩංගුවට ගන්නා ලෙසටයි වරෙන්තු නිකුත් කෙරුණේ.

2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ මෙරට සංචාරයට විරෝධය පළ කරමින් සිදු කළ උද්ඝෝෂණයකින් මහජනතාවට පීඩා සිදුවීම ඇතුලූ චෝදනා කිහිපයක් යටතේ මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාට එරෙහිව නඩු පවරා තිබෙනවා.

නඩුව අද (19) කැඳවූ අවස්ථාවේ මන්ත්‍රීවරුන් දෙදෙනා අධිකරණයේ පෙනී නොසිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.