වෘත්තීය සමිති දෙකක් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජන තවදුරටත් ක්‍රියාත්මක වනවා. එක් වර්ජනයක නිරතවන්නේ රජයේ මිනින්දෝරු සංගමයයි. තම ඉල්ලීම් සහ විරෝධතා සම්බන්ධයෙන් අද (19) දිනයේ ද සාකච්ඡාවක් පැවැත්වෙන බවයි රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමින්ද උඳුගොඩ පැවසුවේ.
වර්ජනය හේතුවෙන් මිනින්දෝරු ක්ෂේත්රයේ යම් බලපෑමක් එල්ලවී ඇති බවයි ඔවුන් කියා සිටියේ.
මේ අතර විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින්ද තවදුරටත් වර්ජනයේ නිරත වෙමින් සිටිනවා.
තම ගැටලූ සම්බන්ධයෙන් අද (19) දිනයේද සාකච්ඡාවක් පැවැත්වෙන බවයි විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ පැවසුවේ.
වර්ජනය හේතුවෙන් විශ්ව විද්‍යාලවල කටයුතුවලට තවදුරටත් බලපෑම් එල්ල වී ඇති බව සඳහන්.
මේ අතර තැපැල් වෘත්තීය සමිති ද වැඩවර්ජනයක් ආරම්භ කිරිමටයි සූදානම් වන්නේ. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ තැපැල් හා විදුලි සංදේශ සංගමයේ ප්‍රධාන ලේකම් එච් කේ කාරියවසම් නෙත් නිවුස් වෙත කියා සිටියේ තම ඉල්ලීම් මුල්කර ගෙන වැඩවර්ජනයේ නිරත වීමට තීරණය කළ බවයි.
ගැටලූවලට විසඳුම් නොලැබුන හොත් වර්ජනය ස්ථීර බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.