මහනුවර ප්‍රදේශයේ ඉකුත් දා ඇතිවූ නොසන්සුන්තා හේතුවෙන් හානිවූ දේපළ වලට වන්දි ලබා දීම අද (19) ආරම්භ වුණා. ඒ, එම වන්දි ලබා දීමේ වැඩසටහනේ මූලික අදියර ලෙසයි.
එහිදී පුද්ගලයින් 130 දෙනෙකුට වන්දි ප්‍රදානය සිදු කෙරෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ පූජා පිටිය, හාරිස්පත්තුව, කුණ්ඩසාලේ, අකුරණ, තෙල්දෙණිය හා ගඟවට කෝරළේ යන ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් වන්දි ලබා දීම සිදුවනු ඇති.
හානියට පත්ව ඇති ව්‍යාපාරික ස්ථාන ගණන 65ක්. හානියට පත් නිවාස සංඛ්‍යාව 66ක්.
වන්දි ප්‍රදානය යටතේ හානියට පත් ව්‍යාපාර ස්ථානයන් සඳහා රුපියල් ලක්ෂයක මුදලක්ද නිවාස හානි සඳහා මුල් අදියරේදී රුපියල් පනස්දහසක මුදලක්ද පිරිනමනු ඇති. වන්දි ලබා දීම සිදුවන්නේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීමේ හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන්.
මේ අතර නිවාස සහ ව්‍යාපාරික ස්ථාන පිළිසකර කිරිම සඳහා කිසියම් පාර්ශවයක් සහය අපේක්ෂා කරන්නේනම් ඊට උපරිම දායතක්වය ලබා දීමට සූදානම් බව යුධ හමුදාපති ලූතිතන් ජනරාල් මහේෂ් සේනානායක නෙත් නිවුස් වෙත කියා සිටියා.