ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (19) යාපනයට පැමිණියා. ඒ යාපනය ප්රැටික් විද්‍යාලයේ නව තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීමටයි.
යාපනය රදගුරු ජස්ටින් ඥාණප්‍රකාශම් පියතුමන් විසින් සිදු කළ ආරාධනයක් මත ජනාධිපතිවරයා එම අවස්ථාවයට එක් වූ බවයි නෙත් නිව්ස් වාර්තාකරු පැවසුවේ. උතුරු පළාතේ ස්වේච්ජා ගුරුවරුන් වෙත ස්ථිර පත්වීම් ප්‍රදානයද ජනපති අතින් මෙහිදී සිදු කෙරුණා.
මේ අතර ජනාධිපතිවරයාගේ යාපනය සංචාරයට සමඟාමීව අතුරුදහන්වූවන් වහා සොයාදෙන ලෙසට ඉල්ලීම් කරමින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් යාපනය නගරයේදී විරෝධතාවයක නිරතවුනා. විරෝධතාවයට එක්වු අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූවේ යුද්ධය අවසන් වි වසර නමයක කාලයක් ගතවුවද මේ දක්වා රජය හරහා නිසි පිළිතුරක් නොලැබුණ බවයි.