Sunday, December 22, 2024

General line - 0115112241

ජනවාරි 08 ගත් තීරණය සහ ඉදිරි ප්‍රතිපත්ති ගැන ජනපතිගෙන් පැහැදිළි පිළිතුරක්




දේශපාලන බලය ලබාගැනීම උදෙසා ඇතැමුන් පෞද්ගලික න්‍යාය පත‍්‍ර අනුව කටයුතු කරමින් සිටින අතර, එහිදී රටේ ප‍්‍රශ්න විසඳීම හෝ ජාතික සමගිය සහ සංහිඳියාව ශක්තිමත් කිරීම ඔවුන්ට වැදගත් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

රට ගැන නොසිතා දේශපාලන බලය ගැන පමණක් සිතන මෙම පිරිස් ජනතාව විසින් හඳුනාගත යුතු බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ යාපනය, ශාන්ත පැට්‍රික් විද්‍යාලයේ නව තාක්ෂණික ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ හා උපාධිධාරි ගුරු පත්වීම් ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට අද (19) පෙරවරුවේ එක්වෙමින්.
 
2015 ජනවාරි 08 වැනිදා මේ රටේ ජනතාව තමා කෙරෙහි තැබූ විශ්වාසය කිසිදු අවස්ථාවක කඩ නොකළ අතර, එම ප‍්‍රතිපත්ති ද වෙනස් කර නොමැති බව පැවසූ ජනාධිපතිවරයා, කෙතරම් විරුද්ධ දේශපාලන බලවේග පැමිණිය ද ඉදිරියේදී ද එම ප‍්‍රතිපත්තිවල කිසිදු වෙනසක් සිදු කිරීමට සූදානම් නොමැති බව අවධාරණය කළා.
 
රටේ ප‍්‍රශ්න විසඳමින් ඉදිරි අභියෝග ජය ගැනීම සඳහා අවංක දේශපාලනඥයින්ගේ එකතුවක් රටට අවශ්‍ය අතර, රටට ආදරයෙන් කටයුතු කරන්නැයි තමා සියලු දේශපාලන ප‍්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින බව ද මෙහිදී පැවසුවා.