යොවුන් පුරය ඇරැඹීමේ ප්‍රධාන අරමුණක් වූයේ ප්‍රධාන ලෙසම සිංහල දෙමළ මුස්ලිම් තරුණ තරුණියන් අතර වාර්ගික සහයෝගිතාව ඇති කිරීම බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ පවසනවා.
1984 වසරේ යොවුන් පුරය ආරම්භ කර ඇත්තේ තරුණ ප්‍රශ්න විසඳීමට තෝතැන්නක් සකස් කිරීමට බවයි ඔහු පෙන්වා දෙන්නේ.
තරුණ තරුණියන් අතර සුහදතාව මිත්‍රත්වය වැඩිදියුණු කර ඔවුන්ගේ සැඟවුණු කුසලතා ඔප්නැංවීම හා ඔවුන් රටට හඳුන්වා දීම ද මෙහි තවත් අරමුණු අතර තිබූ බව ද ඔහු පෙන්වා දෙනවා.
1983 මැයි 27 වැනිදා එවකට යෞවන කටයුතු හා රැකිරක්ෂා ඇමැති ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය පිහිට වූ අතර ඉන් අනතුරුව යොවුන් පුරය ආරම්භ කෙරුණා.
මෙවර යොවුන් පුරය මාර්තු මස 28 වැනි දින සිට දින පහක් නිකවැරටිය පශු සම්පත් මණ්ඩල භූමි පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි.