තලවතුගොඩ ප්‍රදේශයේ දී පසුගියදා දියවන්නා ඔයට පෙරළුණු BMW රථයේ හිමිකරු මෙම සම 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. අදාළ සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට අද (20) ඉදිරිපත් කිරිමෙන් පසු මෙලෙස බන්ධනාගාර ගත කර ඇති බවයි තලංගම පොලිස් ස්ථානිධිපතිවරයා nethnews.lk කළ විමසීමක දී කියා සිටියේ.
අදාළ වාහන හිමියා ඊයේ (19) දින තලංගම පොලිසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂ මහලේකම් කබීර් හෂිම්ගේ ඥාතී පුත්‍රයෙකු බව සඳහන්.