Sunday, May 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා-පාකිස්ථාන ජනපතිවරු හමුවෙයි

ඩිල්ෂාන් මඩවල / දිනුක් හේවාවිතාරණ




පකිස්ථානයේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (24) එරට ජනාධිපති මම්නූන් හුසේන් මුණ ගැසුනා. දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ජනාධිපතිවරුන් එහිදී එකග වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ. ලෝක ත්‍රස්ථවාදයට එරෙහිව පෙලගැසීමේ අවශ්‍යතාවයද මෙහිදී අවධානයට ලක්ව තිඛෙනවා. 

ඉකුත් යුධ සමයේදී හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාර වලදී පකිස්ථානය ශ්‍රී ලංකාවට ලබාදුන් සහය පිළිබද සිය ස්තූතිය පිරිනමන බවයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසුවේ. 

පකිස්ථානයේ සංචාරයක යෙදී සිටියදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දුන් කණගාටුදායක සිද්ධියෙන් පසු ඉකුත් වසරේ නැවත වරක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් පකිස්ථානයට එවීම පිළිබද ශ්‍රී ලංකාවට ස්තූත්වන්ත වන බව ජනාධිපති මම්නූන් හුසේන් පැවසුවා.