Wednesday, May 8, 2024

General line - 0115112241

හැටන්-දික්ඔය නගරාධිපති තෝරා ගැනීමේදී උණුසුම් තත්ත්වයක් (PHOTOS)

රංජිත් රාජපක‍ෂ




හැටන් - දික්ඔය නගර සභාවේ සභාපති තෝරා ගැනීම සඳහා පැවති ඡන්ද විමසීම අතරතුරද උණුසුම් තත්ත්වයක් හට ගැණුනා. එය පාලනය කිරීම සඳහා පොලීසියද කැඳවීමට සිදුවූ බවයි නෙත් නිවුස් වාර්තාකරු රංජිත් රාජපක‍්ෂ කියාසිටියේ. 

අනතුරුව පැවති ඡන්ද විමසීමේදී ඡන්ද සමවීම හේතුවෙන් කුසපත් ඇදීමෙන් පසු ලංකා කම්කරු කොංග්‍රසයට හැටන් - දික්ඔය නගර සභාවේ පාලන බලය හිමිවුණා. එහිදී සභාපති ධුරය සඳහා තේරීපත්වූයේ ලංකා කම්කරු කොංග්‍රසයේ සඩයන් බාලචන්ද්‍රන්.

එම අවස්ථාවේදී ගනු ලැබූ ඡායාරූප කිහිපයක් පහතින්