Sunday, May 19, 2024

General line - 0115112241

රුසියානු රාජතාන්ත්‍රිකයින් 60 කට අමෙරිකාවෙන් පිටවෙන්නැයි නියෝගයක්

සජිත් තිලකරත්න / දිනුක් හේවාවිතාරණ




වොෂින්ටනයේ, සියැටල්හි පිහිටි රුසියානු කොන්සල් කාර්යාලය වසා දැමීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් නියෝග කර තිබෙනවා. ඒ, බ්‍රිතාන්‍යයේදී රුසියානු හිටපු ඔත්තුකරුවෙක් හා ඔහුගේ දියණිය ඉලක්ක කර ගනිමින් එල්ලවූ විෂ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

රුසියානු තානාපති කාර්යාලයේ රාජතාන්ත්‍රික නිලධාරින් 48 දෙනෙක් නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කරනු ලබන රුසියානු ජාතිකයින් සහ ඔවුන්ගේ පවුල්වලට අමෙරිකාවෙන් පිටව යෑමට දින හතක කාලයක් ලබාදී තිබෙනවා.

පසුගිය ජනාධිපති මැතිවරණයේදි රුසියාව මැදිහත් වීම සම්බන්ධයෙන් එල්ලවූ චොද්නා හේතුවෙන  රුසියානු රාජතාන්ත්‍රිකයින් 35 දෙනෙක් පිටුවහල් කිරීමට ඇමෙරිකාව කටයුතු කළා.