Wednesday, May 8, 2024

General line - 0115112241

ව්‍යාජ පුවත් පළ කළොත් අවුරුදු 10ක් හිරේ




"ව්‍යාජ පුවත්වලට" වැට බැඳීමේ අරමුණින් එවැනි පුවත් ප්‍රචාරය කළ බවට වරදකරුවන් වන පුද්ගලයන් සඳහා වසර දහයක් දක්වා වූ සිර දඬුවම් ලබා දීමට හැකිවන නව නීතියක් මැලේසියානු ආණ්ඩුව විසින් යෝජනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ව්‍යාජ පුවත් මර්දන පනත යටතේ වරදකරුවන් වන පුද්ගලයන් සිරගත කිරීමට හෝ ඇමරිකානු ඩොලර් 128,000 දඩයකට යටත් කිරීමට හෝ එම දඬුවම් දෙකම ලබා දීමට හැකි වනු ඇති බවයි ඉන් වාර්තා වෙන්නේ.

සති කීපයක් තුළ පැවැත්වීමට නියමිත මහමැතිවරණයට පෙර අදාළ පනත් කෙටුම්පත ඊයේ (26) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ බවද අදාළ විදෙස් වාර්තාවල සඳහන්.

විවේචකයන් විසින් අදාළ පනත් කෙටුම්පත හඳුන්වනු ලැබුවේ විපක්ෂ මත මැඩපැවැත්වීමට බලධාරීන් ගත් උත්සහයක් ලෙසයි.

පනත් කෙටුම්පතට අනුව "සම්පූර්ණයෙන්ම හෝ අඩක් වැරදි පුවත්, තොරතුරු, දත්ත සහ වාර්තා" "ව්‍යාජ පුවත්" යනුවෙන් අර්ථ දක්වා තිබෙනවා.