Tuesday, May 7, 2024

General line - 0115112241

කන්‍යාභාවය වෙන්දේසි කළ යුවතියක් (VIDEO)

වසන්ත පිවිතුරු




සිය කන්‍යාභාවය වෙන්දේසියක් මගින් අළෙවි කිරිමට ලන්ඩනයේ යුවතියක් ඉදිරිපත්ව සිටිනවා. ඇයට වයස අවුරුදු 26 ක් වන අතර තමාට ව්‍යාපාරයක් ආරම්භ කිරිමට අවශ්‍ය මුදල් උපයා ගැනීම සඳහා ඇය මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

ඇය ඔන්ලයින් මගින් සිය කන්‍යාභාවය වෙන්දේසි කිරිමට අදාළ ලංසුව ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව ඇගේ කන්‍යාභාවයේ වටිනා කම යුරෝ මිලියන 1.2 ක මුදලකට අළෙවි වී ඇති අතර හොලිවුඩ් ප්‍රසිද්ධ නළුවෙකු විසින් එය මිළ දී ගෙන ඇති බව සඳහන්.

ඒ පිළිබඳව ඇය අදහස් දක්වමින් කියා සිටියේ " මම වයස අවුරුදු 26ක යුවතියක්. මගේ ජීවිතයේ තීරණ ගැනීමේ අයිතිය මගේ දෙමාපියන් මට ලබාදීලා තියෙනවා. මම මේ ආකාරයට තීරණයක් ගැනීම ගැන ඔවුන් මට කිසිවක් කිව්වේ නෑ. නමුත් මට අවශ්‍ය උපදෙස් ලබාදුන්නා. මම පසුගිය වසරේ දී මගේ කන්‍යාභාවය වෙන්දේසි කිරිමට අදාළ ලංසුව ඉදිරිපත් කළා. ඒ යුරෝ ලක්ෂ පහකටයි. එදා පටන් මේ දක්වා තමන්ගේ කන්‍යාභාවයේ ලංසුව ඉහළ යමින් තිබුණා."