Wednesday, May 8, 2024

General line - 0115112241

විදේශ මුදල් සහ මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි ගෙනයද්දී මාට්ටු

ටි.කේ.ජි. කපිල




රුපියල් එක් කෝටි හතලිස් හතර ලක්ෂ විසි තුන් දහස් එකසිය හතලිස් තුනයි , ශත තිස් තුනක් (1,44,23,143.33) ක් වටිනා විදේශ මුදල් සහ මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවේ සිට ඩුබායි බලා රැගෙන යෑමට තැත් කළ චීන ජාතික ගුවන් මගියෙකු ඊ‍යේ (27) දින සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බැව් සහකාර රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය  පැවසුවා.

සැකකරු 61 හැවිරිදි චීන ජාතිකයෙකි . ඔහු මීගමුව ප්‍රදේශයේ සංචාරක හෝටල් පවත්වා ගෙන යනු ලබන ව්‍යාපාරිකයෙකු බවයි අනාවරණවී ඇත්තේ. මොහු ඊයේ සවස 6.00 ට ඩුබායි බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-225 දරන ගුවන් යානයෙන් පිටත්වීමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු හැද සිටි කලිසමේ සහ කමිස සාක්කු වල ඇමෙරිකානු ඩොලර් 74,300 ක් , යූරෝ 8,400 ක් සහ ස්ටර්ලිං පවුම් 350 ක් සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත. මීට අමතරව ඔහු විසින් රැගෙන ආ අත් බෑගයේ ඇසුරුම් වල බහා රුපියල් නව ලක්ෂ පනස් දහස් පන් සීයයක් වටිනා මැණික් ගල් 50 ක් පමණ සගවා ගෙන තිබී රේගු නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා .ඒවායේ බර කැරට් 151.32 ක් වූ අතර , නිල් මැණික් , තෝරමල්ලී, ටොපෑස් , ගානට් , ක්‍රිස්බෙරි , රෝස කැට සහ පුෂ්පරාග යන වර්ග වල මැණික් තිබූ බව සහකාර රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.