Wednesday, May 8, 2024

General line - 0115112241

වැලිත් සමග ගොඩ ආ ජීව මෝටාර් බෝම්බ

රොමේෂ් මධුෂංඛ/දිනසේන රතුගමගේ




යාපනය කොඩිකාමම් මිරුසුවිල් පලෙයිවයික්කාල් ප්‍රදේශයේදී යුද සමයේදී එල්.ටී.ටී.ඊ. ය විසින් වල දමන ලද මෝටාර් බෝම්බ 12ක් ඊයේ (27) සවස ගොඩගත් බවට කොඩිකාමම් පොලීසිය පවසනවා. 

පලෙයිවයික්කාල්හි පිරිසක් විසින් වැලි ගොඩදැමීමට පසුගිය 26 වනදා ගොස් ඇති අතර එම පිරිස් විසින් වැලි ගොඩදාන අතරවාරයේ පොළව යට තිබී මෝටාර් බෝම්බ 5 ක් මතුව තිබී ඇති අතර පසුව ඒ බව කොඩිකාමම් පොලීසියට දැනුම් දී ඇත. අනතුරුව  අධිකරණ නියෝගයක් මගින් එම ස්ථානයේ කරන ලද සෝදිසි කිරීමේදී මිලි මීටර් 81 වර්ගයේ ජීවි මෝටාර් උණ්ඩ 12 ක් හමු වී ඇති අතර යුද සමයේදී කොටි සංවිධානය විසින් මෙසේ වල දමන්නට ඇති බවට ආරක්ෂක අංශ සැක පල කර සිටියි.

ගොඩගත් මෝටාර් බෝම්බ තොගය අධිකරණ නියෝගයක් මගින් විනාශ කර දැමීමටද යාපනය පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.