Monday, April 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක් (PHOTOS)




සංචාරක පාකිස්ථාන කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම සමග පැවති දෙවන විස්සයි විස්ස ක‍්‍රිකට් තරගය කඩුලූ 07කින් ජය ගැනීමට ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (30) සමත් වුණා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පකිස්තාන කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 04ක දී සියලූ දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 72ක් පමණයි. පන්දු යැවීමේ දී ශෂිකලා සිරිවර්ධන ලකුණු 09කට කඩුලූ 04ක් බිඳ හෙළුවා.

පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවන් පන්දුවාර 14යි පන්දු 02ක දී කඩුලූ 03කට ලකුණු 73ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළා. තරගය පැවැත්වුණේ කොළඹ එන් සී සී ක‍්‍රීඩාංගණයේදීයි.

මෙම තරගාවලියේ පළමු තරගයෙන් පාකිස්ථාන කාන්තා කණ්ඩායම එක් කඩුල්ලක ජයක් හිමිකර ගත්තා. ඒ අනුව තරගාවලිය එකට - එකක් ලෙස මේ වනවිට සම මට්ටමේ පවතිනවා.