Tuesday, May 7, 2024

General line - 0115112241

ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 10ක් මරුට

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉන්දියාවේ නව දිල්ලි අගනුවර පිහිටි මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පුද්ගලයින් දෙදෙනෙකු අනතුරින් බරපතල තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. 

ජනාකීර්ණ ප්‍රදේශයක් මධ්‍යයේ පිහිටා තිබූ සිව් මහල් ගොඩනැගිල්ලක් මෙලෙස කඩා වැටී තිබෙනවා. සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා ජිවිතාරක්ෂක මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබූ බවද විදෙස් මාධ්‍යයන්හි සඳහන්. 

ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. එහෙත් සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ බර වාහනයක් ගැටීමත් සමග ගොඩනැගිල්ල කඩා වැටුණු බවයි. අදාළ ගොඩනැගිල්ල වසර ගණනක් පැරණි එකක් බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.