චීන අභ්‍යවකාශ පරීක්ෂණාගාරයේ සුන්බුන් කඩා වැටීම ආරම්භ වී තිබෙනවා. එහෙත් එම සුන්බුන් පෘථීවියට ආසන්න වීමට තවත් පැයකට ආසන්න කාලයක් ගතවනු ඇති බවටයි උදෑසන 06ට පමණ නිකුත් කෙරුණු අභ්‍යවකාශ දත්ත වාර්තාවල දැක්වුණේ.
කෙසේ වෙතත් එම කාලය වෙනස් විය හැකි බවද අභ්‍යවකාශ විශේෂඥයින් පවසනවා. මෙම සුන්බුන් පෘථීවියට කඩා වැටෙන ස්ථානය පිළිබඳව ද ඇත්තේ තවමත් තහවුරු නොකළ විශ්වසයන් මත පදනම් වූ වාර්තා පමණයි. ඊට හේතු වී ඇත්තේ ද කාලගුණයේ ඇති වෙසන්වීම්.
නාසා ආයතනයේ දත්තවලට අනුව දකුණු අමෙරිකානු සහ අප්‍රිකාව අතර අත්ලාන්තික් සාගරයට සුන්බුන් කඩා වැටෙනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. පෘථීවි වායුගෝලයේදී අභ්‍යවකාශ පරීක්ෂණාගාරයේ සුන්බුන් විනාශයට ලක්වෙමින් මෙලෙස ඇද වැටෙනු ඇති.
කෙසේ වෙතත් එම කොටස් බස් රථයක තරම් විශාලත්වයකින් යුතු බවයි දැනටමත් ප්‍රකාශ වී ඇත්තේ. එහි බර කිලෝග්‍රෑම් 8506ක්. කෙසේ වෙතත් මෙම සුන්බුන් කැබලි
ශ්‍රී ලංකාවට වැටීමට ඉඩක් නොමැති බවත් ජනතාව කලබල නොවිය යුතු බවත් තාරකා විදයාඥයින් දැනටමත් ප්‍රකාශ කර අවසන්.
ටියොන්ගැන් වන් ලෙස නම් කෙරුණු මෙම චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළේ 2011 වසරේදීයි. 2016 වසරේ මාර්තු මාසයේ දී එහි කටයුතු අක්‍රීය වුණා.