Sunday, September 8, 2024

General line - 0115112241

අමෙරිකානු භාණ්ඩ 128කට චීනය සීමා පනවයි

තරංග රුක්ෂාන් ජයසේකර - බී.බී.සී ඇසුරෙන්




අමෙරිකානු භාණ්ඩ 128කට නව බදු පැනවීමට චීනය කටයුතු කර තිබෙනවා. ඒ අනුව සියයට 25ක බද්දක් පැනවීමටයි තීරණය කර ඇත්තේ. මෙලෙස බදු පැනවෙන භාණ්ඩ අතරට ඌරු මස් හා වයින් වර්ග ද ඇතුළත්.

අද (02) සිට ක්‍රියාත්මක මෙම නව පැනවීම හරහා උපයා ගැනීමට අපේක්ෂිත ආදායම අමෙරිකානු ඩොලර් බිලියන  03කට අධිකයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් මාසයේ දී චීනයෙන් ගෙන්වන භාණ්ඩ රැසකට අධික බදු පැනවීමක් සිදු කළා. ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙයසි චීනය මෙලෙස අමෙරිකානු භාණ්ඩවලට බදු පැනවීමට තීරණය කර ඇත්තේ.