Sunday, September 8, 2024

General line - 0115112241

යුටියුබ් මුලස්ථානයේ වෙඩි තැබීමක් (VIDEO)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඇමෙරිකාවේ, කැලිෆෝනියා හි පිහිටි යුටියුබ් මුලස්ථානයේ වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වී තිබෙන බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කරනවා.

අද උදැසන සිදුවූ මෙම සිදුවීමෙන් තුවක්කුකරු බවට සැකකෙරෙන කාන්තාව මිය ගොස් ඇති බවත් තවත් පුද්ගලයින් සිවුදෙනෙකු තුවාල ලබා ඇති බව සැන් බෘනෝ පොලිසිය සදහන් කරනවා.

ඇමෙරිකාවේ ගුගල් සමාගම විසින් හිමිකාරිත්වය දරන යුටියුබ් ප්‍රධාන කාර්යාලයේ මෙම වෙඩි තැබීමේ සිදුවීම වන අවස්ථාවේ සේවකයින් 3000 කට වැඩි පිරිසක් සිට ඇතැයි වාර්තා වෙනවා.

මෙම වෙඩි තැබීමේ සිදුවීමත් සමග යුටියුබ් ආයතයේ සේවකයින් අසල පිහිටි ගොඩනැගිලි කරා දිවගොස් සැගවී තිබෙන අතර තවත් තුවක්කරුවන් ඇත්ද යන්න පිලිබදව සොයා ආරක්ෂක අංශ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබෙනවා