Monday, January 6, 2025

General line - 0115112241

විශ්වාසභංගයට අත්සන්කර ඡන්දය දෙන්න ආවේ නැති ශ්‍රීලනිප මන්ත්‍රී කියන කතාව

චම්ලි ඒකනායක




අග්‍රාමාත්‍යවරයාට එරෙහි විහ්වාසභභංග යෝජනාවට අත්සන් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් සිව් දෙනාගෙන් ඊට පක්ෂව ඡන්දය පාවිච්චි කරනු ලැබුවේ ටී.බී ඒකනායක සහ සුසන්ත පුංචිනිලමේ පමණි. නිශාන්ත මුතුහෙට්ටිගම සහ කාදර් මස්තාන් ඡන්දය ලබා දෙන අවස්ථාවේ සභාවේ සිටියේ නැත.

මේ සම්බන්ධයෙන් වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන්ගෙන් nethnews.lk කළ විමසීමේදී පැවසුවේ, විශ්වාසභංගයෝජනාවට අත්සන් කළ ද තම පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීන්දුව අනුව තමා ඡන්දය දීමෙන් වැළකී සිටි බවය. දිගින් දිගටම ආණ්ඩුව සමග කටයුතු කරන්නෙදැයි කල විමසිමට පිළිතුරු දුන් ඔහු කියා සිටියේ එය ජනාධිපතිවරයාගේ තීන්දුව මත තීරණය වනු ඇති බවය.

විශ්වාසභංග යෝජනාවට අත්සන් කිරීමෙන් පසු දිනක ඔහු අග්‍රාමාත්‍යවරයා හමුවූ බවටද මාධ්‍ය වාර්තා පලවුණා. ඉදිරියේදී ඇමතිධූරයක් හිමිවනු ඇත්දැයි අප කළ විමසුමට පිළිතුරු දුන් ඔහු පැවසුවේ එයද ජනධිපතිවරයාගේ තීන්දුව අනුව තීරණය වන බවය. 

වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගමගෙන් මේ සම්බන්ධයෙන් විමසීමට අවස්ථා කිහිපයකදීම උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැත.