ආරච්චිකට්ටුව ප්රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ශ්රී ලංකා නිදහස් පක්ෂයේ කේ.තෙච්චනාමුර්ති සහ උපසභාපතිවරයා ලෙස පොදු ජන පෙරමුණ පක්ෂයේ එච්.ඒ.උදය ශාන්ත තේරී පත්වුණා. වයඹ පළාත් පාලන කොමසාරිස් ජේ.එම්.ආර්.පී.ජයසිංහගේ ප්රධානත්වයෙන් ආරච්චිකට්ටුව ශ්රවනාගාරයේදී මෙම ඡන්ද විමසීම පවත්වනු ලැබුවා.
හලාවත මහාධිකරණයෙන් කරන ලද නියෝගයක් අනුව දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ආරච්චිකට්ටුව ප්රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා බන්ධනාගාර නිලධාරීන් විසින් මෙම අවස්ථාවට කැදවාගෙන එනු ලැබුවා. පළාත් පාලන කොමසාරිස්වරයා විසින් සභාපතිවරයා පත් කිරීමේ නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුව සභාපතිවරයා ලෙස ජගත් සමන්ත පෙරේරා යන අයගේ සහ කේ.තෙච්චනාමුර්තිගේ නම් යෝජනා විය
.ඒ සදහා පැවති රහස් ඡන්ද විමසීමේදී දෙදෙනාම ඡන්ද 10 බැගින් ලබා ගන්නා ලද අතර අනතුරුව කුසපත් ඇදීමෙන් කේ.තෙන්නාමුර්තිට සභාපතිධූරය හිමිවිය.
ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ මන්ත්රීවරයා ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටියා.