අග‍්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය පිළිබඳ ඡන්ද විමසීමෙන් පසු අමාත්‍ය නවීන් දිසානායක සමග ඊයේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අද (05) පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදීද කරුණු දක්වන බව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල පවසනවා. තමන් මේ සම්බන්ධයෙන් කතානායකවරයාටද පැමිණිලි කළ බවයි නියෝජ්‍ය කතානායකවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.
අමාත්‍ය නවීන් දිසානායක හා නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල අතර මෙම ගැටුම ඇතිවී තිබෙන්නේ පාර්ලිමේන්තු පුස්තකාල පරිශ‍්‍රය අසලදීයි.