එක්සත් ජාතික පකෂයේ මහ ලේකම්, මහා මාර්ග සහ උසස් අධ්‍යාපන අමාත්‍ය අමාත්‍ය කබීර් හෂීම්, පක්ෂ මහ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. නෙත් නිව්ස් කළ විමසීමකදී අමාත්‍යවරයා ඒබව තහවුරු කළා.
එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන වලට අවස්ථාව ලබා දීම සඳහා තමන් මෙම තීරණය ගත් බවද අමාත්‍යවරයා කියා සිටියා.
ඔහු මෙම තනතුරට පත්වූයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක පක්ෂය හැරයාමෙන් අනතුරුවය. ආර්ථික විශේෂඥයකුද වන අමාත්‍යවරයා කැළණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි.