කොස්ගොඩ පොලිස් වසමේ ඉඳුරුව අතුරුවැල්ල ප‍්‍රදේශයේදී ඊයේ (04) රාති‍්‍ර සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා. මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පිරිසක් ඉලක්ක කර ගනිමින් යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදු කර ඇති බවයි මූලික විමර්ශනවලින් හෙලිව ඇත්තේ.
පුද්ගලයින් දෙදෙනෙකු මෙහිදී තුවාල ලැබුවා.
ඔවුන්ගෙන් එක් අයෙක් සමන් පෙරේරා නැමැත්තෙක්. ඔහු මනුෂ්‍ය ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකු බව පොලීසිය පවසනවා. තුවාල ලැබූ අනෙක් තැනැත්තා මොහොමඞ් ස්මයිල් නැමැත්තෙක්. සැකකරුවන් කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.