විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමේ ජයග්රහණය සමරමින් සිටි එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසක් අතර හටගත් ගැටුමකින් පුද්ගලයින් තුන් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ කැපුම් තුවාල ලබා සිටින ඔවුන් හලාවත මහ රෝහලේ සහ උඩප්පුව ග්රාමීය රෝහලේ ප්රතිකාර ලබමින් සිටින බවයි.
විශ්වාසභංග යෝජනාව ජය ගැනීමත් සමග ආරච්චිකට්ටුව ප්රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ සභිකයෙකුගේ ආධාරකරුවන් පිරිසක් රතිඤ්ඤා දල්වමින් සිටි ස්ථානයක මෙම ගැටුම හටගෙන තිබෙනවා. ගැටුම හටගත් අවස්ථාවේ අදාළ ස්ථානයට මෝටර් රථයකින් සහ යතුරු පැදි කිහිපයකින් ද පිරිසක් පැමිණ ඇතැයි විමර්ශන වලින් හෙළිවී තිබෙනවා. සිද්ධියෙන් යතුරු පැදියකට සහ මෝටර් රථයකටද හානි සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.