නීතිවිරෝධීව උපයා ගත් මුදලකින් කොළඹ පිහිටි නිවසක් රුපියල් මිලියන 27කට මිලදී ගත් බවට චෝදනා කරමින් තමන්ට පවරා ඇති නඩුවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී්ර මහින්දානන්ද අලූත්ගමගේ ගොනු කර ඇති පෙත්සමක් අභියාචනාධිකරණයේදී අද (05) සලකා බැලූණා.
මන්තී්රවරයා මෙම පෙත්සම ගොනු කර ඇත්තේ අදාළ නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග ඉදිරියේ විභාගයට නොගෙන වෙනත් විනිසුරුවරයෙකු වෙත පවරන ලෙස ඉල්ලමින්.
පෙත්සමේ වගෝත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරිමටත් ලබන මැයි මස 15 වනදා පෙත්සම යළි කැඳවීමටත් එහිදී නියෝග කෙරුණා.
සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග වරදකරු කරමින් තීන්දුව ලබා දුන්නේද මහාධිකරණ ගිහාන් කුලතුංගයි.