Friday, May 3, 2024

General line - 0115112241

සල්මන් ඛාන්ට සිර දඬුවමක්

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




මුවන් දඩයම් කිරීමේ චෝදනාවට ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන්ට අද වසර 05ක සිර දඬුවමක් නියම කෙරුණා. ඒ,රාජස්ථාන් ප‍්‍රාන්තයේ ජෝද්පූර් අධිකරණයේ දී ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීයි. සිර දඬුවමට අමතරව සල්මන් ඛාන්ට ඉන්දීය රුපියල් 10,000ක දඩයක් ද නියම කර තිබෙනවා.

1998 වසරේදී චිත‍්‍රපටයක් රූගත කරමින් සිටින අතරතුර කලූ මුවන් දෙදෙනෙකු ඝාතනය කළ බවටයි සල්මන් ඛාන්ට චෝදනා එල්ල වී ඇත්තේ. අද (05) දිනයේ ඔහු බන්ධනාගාරය වෙත රැගෙන යාමට නියමිත බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.