Monday, January 6, 2025

General line - 0115112241

අගමැතිට විරුද්ධවූ ඇමතිවරුන්ට විශ්වාසභංගයක්

දිල්ෂාන් තුෂාර




අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් ඇමතිවරුන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

ඊට පක්ෂයේ මන්ත‍්‍රීවරුන් රැසක් දැනටමත් අත්සන් තබා ඇති බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී හෙක්ටර් අප්පුහාමි නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

මෙම ඇමතිවරුන් ඇමතිමණ්ඩලයෙන් ඉවත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් ඊයේ දිනයේ අගමැතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටියා.


දයාසිරි ජයසේකර, එස් බී දිසානායක, සුසිල් පේ‍්‍රමජයන්ත්, අනුර පි‍්‍රයදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි සහ ඩබ්ලිව් ඞී ජේ සෙනෙවිරත්න යන කැබිනට් අමාත්‍යවරුන් හය දෙනා විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡුන්දය ලබාදුන්නා.