පානීය ජල බෝතල්වල මිල සහ ප්‍රමිතිය පිළිබඳ වාර්තාවක් තමන් වෙත වහාම ලබාදෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වෙත උපදෙස් දී තිබෙනවා. ඇතැම් ව්‍යාපාරිකයින් ප්‍රමිතියෙන් තොරව සහ අධික මිල ගණන් යටතේ පානීය ජල බෝතල් අලෙවි කිරීම සම්බන්ධයෙන් මතුව ඇති තත්වය සැලකිල්ලට ගනිමිනුයි ජනාධිපතිවරයා එම උපදෙස් ලබාදී ඇත්තේ.
දැඩි වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී අද (05) පැවැත්වුණා. එහිදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
දිවයිනේ දිස්ත්‍රික්ක 09කට මේ වනවිට වියළි කාලගුණ තත්වය බලපා තිබෙනවා. කුරුණෑගල, පුත්තලම, පොළොන්නරුව, අම්පාර, අනුරාධපුරය, හා මහනුවර මෙන්ම මන්නාරම, යාපනය හා වව්නියාව එම දිස්ත්‍රික්කයි. වියළි කාලගුණය හේතුවෙන් එම දිස්ත්‍රික්කවල පවුල් එක් ලක්ෂ 43,235ක් පමණ පීඩාවට පත්ව සිටිනවා.
ඔ
වුන්ට අවශ්‍ය පානීය ජල පහසුකම් හා සෙසු ජල පහසුකම් සපයාදීම සම්බන්ධයෙන් අදාළ සාකච්ඡාවේදී සලකා බැලූණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. එමෙන්ම එම දිස්ත්‍රික්කවල ජනතාවට වියළි සලාක ලබාදීමේ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කර තිබෙනවා.