Friday, May 3, 2024

General line - 0115112241

කෝටි දෙකක කේරළ ගංජා අල්ලයි - සැකකරු පැනයයි (PHOTOS)

ඔගස්ටින් ප්‍රනාන්දු - හලාවත




රුපියල් දෙකෝටි විසි ලක්ෂයකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝග‍්‍රෑම් 220කට ආසන්න ප‍්‍රමාණයක් අද (05) දහවල් සොයා ගැණුනා. ඒ, හලාවත බංගදෙණිය ප‍්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමගයි.

ඔවුන් පුත්තලම සිට කොළඹ දක්වා සුඛෝපභෝගී වෑන් රථයකින් ගමන් කරමින් සිටි බවයි පොලිසිය පැවසුවේ. එය නවතා පරීක්ෂා කළ අවස්ථාවේදී වෑන් රථයේ පිටුපස කළු පැහැති ඉටි කොළවලින් ඔතා තිබූ මෙම ගංජා තොගය සොයා ගැණුනා. 

මෙම ගංජා තොගයේ හිමිකරු යාපනය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි දැනට සිදු කර ඇති පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ. ඔහුද මෙම වෑන් රථයට ඉදිරියෙන් පැමිණ ඇති බවට ද තොරතුරු ලැබී තිබෙනවා. වෑන් රථය පොලිස් භාරයට පත්වීමත් සමග සැකකරු පලා ගොස් ඇති බවටයි තොරතුරු ලැබී ඇත්තේ. දකුණු ඉන්දියාවෙන් ගෙන්වන කේරළ ගංජා දීර්ඝ කාලයක් සිට මෙලෙස කොළඹට ගෙනවිත් ඇති බවටද තොරතුරු පවතිනවා.