Monday, January 6, 2025

General line - 0115112241

ලංගම බස්රථ අවුරුදු ගමන් අරඹයි




ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අමතර බස් රථ 2000ක්, උත්සව සමය වෙනුවෙන් ගම් බිම් බලා යන ජනතාව වෙනුවෙන් ධාවනයේ යෙදවීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

හෙට (06) සිට 15 වන දින දක්වා පැය 24 පුරා ක්‍රියාත්මක වන පරිදි එම බස් රථ ධාවනයේ යොදවන අතර, ගම්බිම් බලා ගිය ජනතාවට යළි පැමිණීම සඳහා ද ලබන 16 වැනිදා සිට 24 වන දින දක්වාද විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිතය. අදාළ කාලය තුළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් රියදුරු, කොන්දොස්තර සහ කාර්මික ඇතුළු සියළුම සේවක නිවාඩු අවලංගු කෙරෙන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

එම කාල වකවානුව තුළ විශේෂ චාරිකා සඳහා අධි සුඛෝපබෝගී බස් රථ ඇතුළු බස් රථ වෙන් කිරීම ද අවලංගුවනවා.