අධික වේගයෙන් ධාවනය වු ති‍්‍රරෝද රථයකට කහඉර මතදි පාසල් සිසුවෙකු ගැටෙයි. බරපතල ලෙස තුවාල ලැබු පාසල් සිසුවා රෝහල් ගත කෙරේ.
බගවන්තලාව කැම්පියන් ප්‍රදේශයේදි අධික වේගයෙන් ධාවනය වු ති‍්‍රරෝද රථයකට පාසල් සිසුවෙකු ගැටිමෙන් පාසල් සිසුවෙකු බරපතල ලෙස තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කළ බව බගවන්තලාව පොලිසිය පවසනවා.
අද (05) පස්වරු 2.30 ට පමණ මෙම අනතුර සිදුවි ඇත්තේ හැටන් බලංගොඩ ප්‍රධාන මාර්ගයේ බගවන්තලාව කැම්පියන් ප්‍රදේශයේදිය. පාසල නිමවී සිසුවා කහඉර මතින් ප්‍රධාන මාර්ගය මරුවිමට යන අවස්ථාවේ බගවන්තලාව දෙසින් කැම්පියන් දෙසට අධීක වේගයෙන් ධාවනය වු ති‍්‍රරෝද රථයේ ගැටී සිසුවා අඩි කිහිපයක් ඉදිරියට විසිවී ප්‍රධාන මාර්ගයේ වැටි තුවාල ලබා ඇති බවයි බගවන්තලාව පොලිසිය පැවසුවේ.
මෙම අනතුරෙන් තුවාල ලබා ඇත්තේ කැම්පියන් දෙමළ මහා විද්‍යාලයේ 6 වසරේ අධ්‍යාපනය ලබන සිසුවෙකි. ති‍්‍රරෝද රථයේ අධික වේගය අනතුරට හේතුව බවත් ති‍්‍රරෝද රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගත් බවත් ඔහුට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධීකරණයේ නෛතික පියවර ගන්නා බව බගවන්තලාව පොලිසිය පැවසුවා.