Thursday, May 2, 2024

General line - 0115112241

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට ජනපතිගෙන් දිගාසිරි සමග විශේෂ මාසික දීමනාවක්




ජාත්‍යන්තර කීර්තිධර මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 99 වන ජන්ම දිනය අද (05)ට යෙදී තිඛෙනනවා. ඒ නිමිත්තෙන් අද උදෑසන තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවස වෙත ගිය ජනාධිපතිතුමා සිය ජන්ම දින සුබපැතුම් පිළිගැන්වූවා.

අනතුරුව ඔහුගේ සුවදුක් විමසමින් සුහද කතා බහක නිරත වූ ජනාධිපතිතුමා ඔහු වෙත නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කළා. එමෙන්ම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස් සමග එක්ව කේක් කපා ජන්ම දිනය සැමරීමට ද ජනාධිපතිතුමා එක්විය.

දේශීය සිනමාව අන්තර්ජාතික කීර්තියට පත් කිරීමට සිය නිර්මාණ දායකත්වය සැපයූ ජ්‍යෙෂ්ඨතම ලාංකේය සිනමාකරුවා වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ඉටු කළ මෙහෙවර අගයමින් ඔහුගේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු ඇතුථ සෙසු වියදම් සදහා විශේෂ මාසික දීමනාවක් ලබාදීමට ජනාධිපතිතුමා පසුගියදා කැබිනට් අනුමැතිය ලබා ගත්තා.

යුග මෙහෙවරක් ඉටුකළ යුග පුරුෂයෙකුට පමණක් පිරිනැමෙන මෙම විශේෂ මාසික දීමනාවට අදාළ ලිපි ලේඛන සහ ඊට අදාළ පළමු චෙක්පත ද මෙහිදී ජනාධිපතිතුමා අතින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වෙත පිළිගැන්විණ.

අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, ආචාර්ය සෝමරත්න දිසානායක, රේනුකා බාලසූරිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.