Friday, May 3, 2024

General line - 0115112241

ශීතකරණයේ සිය මවගේ මෘතශරිරය වසර 03 ක් තබාගෙන සිටි පුතු අත්අඩංගුවට

දිනුක් හේවාවිතාරණ - විදෙස් පුවත් ඇසුරෙන්




ඉන්දියාවේ කොල්කටා නගරයේ පිහිටි නිවසක ශීතකරණයක තිබී මියගිය 86 හැවිරිදි කාන්තාවකගේ මළසිරුරක් සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. බීනා බජුමදර් නැමති මෙම කාන්තාව 2015 වසරේ අප්‍රේල් මස 15 වෙනිදා මිය ගොස් ඇති අතර ඇයගේ වයස අවුරුදු 84 ක් බවයි පොලිසිය සඳහන් කරන්නේ.

බීනා මජුමද්ර් නමි මෙම කාන්තාවගේ ස්වාම්පුරුෂයා සහ 46 හැවිරිදි පුත්‍රයාව මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොල්කටා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සිටි නිවසේ තිබී අක්‍රීයව ගිය තවත් ශීතකරණයක් හමුවී ඇති අතර පොලිසිය කල විමසීමකදී 46 හැවිරිදි පුත්‍රයා පවසා ඇත්තේ එම ශීතකරණය කාර්මික දෝෂයකට ලක්වීම නිසා මවගේ දේහය බහා තැබීමට නව ශීතකරණයක් ගෙනා බවයි. පොලිසිය සඳහන් කරන පරිදි මෙම පුද්ගලයා වෘත්තියෙන් පරිගණක ඉංජිනේරුවෙක් වෙයි.

සිය මවගේ විශ්‍රාම වැටුප පසුගිය වසර 03 ක කාලය තුල ලබා ගැනීමට සිය බැංකු කාඩ්පත යොදා ගැනීම සම්බන්ධයෙන් සැකකළ විශ්‍රාම වැටුප් කාර්යාලය පොලිසියට කල පැමිණිල්ලක් මත කල සෝදිසියකදී මෙම මළසිරුර හමුවී තිබෙන්නේ.

" අම්මා මියගියා. පස්සේ තාත්තා කිව්වා එයාට කවදා හරි අම්මට පණ දෙන්න පුළුවන් කියලා. ඒ නිසා මම එයාගේ ශරීරයේ අයින් කල යුතුව තිබුණු කොටස් ඉවත් කරලා හොදින් පිරිසිදු කරලා ශීතකරණයේ තබලා තිබ්බා" පොලිසිය කල ප්‍රශ්ණ කිරීමේදී  දැනට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින 46 හැවිරිදි පුත්‍රයා පවසා තිබෙනවා.

මේවන විට පොලිසිය කාන්තාවගේ සිරුර අධිකරණ වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර තිබෙනවා.