Thursday, May 2, 2024

General line - 0115112241

ශ්‍රීලනිප මැති ඇමතිවරු 16ට එරෙහි විශ්වාසභංග 16ට අත්සන් එකතු කරමින් (PHOTOS)

හේමන්ත කහවලගේ/ හර්ෂිකා සංජීවනී




විශ්වාසභංගයට සහාය පළ කළ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරුන්ට එරෙහිව වෙන් වෙන් වශයෙන් විශ්වාසභංග යෝජනා 16 ක් සකසා ඇති බව එක්සත් ජාතික පක්‍ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආශු මාරසිංහ කියාසිටියේ එම විශ්වාසභංග යෝජනා සදහා මේ වනවිට එක්සත් ජාතික පක්‍ෂයේ මන්තී‍්‍රවරුන් දස දෙනෙකුට වැඩි පිරිසක් අත්සන් තබා ඇති බවයි. 

විශ්වාසභංගයට පක්‍ෂව ඡාන්දය ලබාදුන් කැබිනට් අමාත්‍යවරුන් හය දෙනා කැබිනට් මණ්ඩලයට සහභාගි වුවහොත් ඊටද විරෝධය පළ කරන බවයි මන්තී‍්‍රවරයා කියාසිටියේ.

අග‍්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය කතානායකවරයා ඇතුළු 16 දෙනෙකු පක්‍ෂව ඡන්දය භාවිත කළා.