Friday, May 3, 2024

General line - 0115112241

දකුණු කොරියාවේ හිටපු ජනපතිනියට වසර 24ක සිරදඩුවමක්

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




දකුණු කොරියාවේ හිටපු ජනාධිපති පාක් ජීන් හේයිට එරට අධිකරණය විසින් වසර 24 ක සිරදඩුවමක් පනවා තිබෙනවා. ඒ රාජ්‍ය බලය අවභාවිත කිරීම හා රාජ්‍ය  රහස් හෙළි කිරීමේ චෝදනාව සම්බන්ධයෙන්. 

හිටපු ජනාධිපතිවරියට එරෙහිව එරට අධිකරණය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 17 ක දඩයක්ද පනවා තිබෙන අතර එම නඩු තීන්දුව සජීවීව රුපවාහිනිය ඔස්සේ විකාශනය කිරීමටද කටයුතු කර තිබුනා.

හිටපු ජනාධිපතිවරිය සිය නඩු තීන්දුව ලබාදුන් දිනයේදී  අධිකරණයට පැමිණි නොසිටි ඇති අතර  අධිකරණය තමාට එරෙහි නඩු විභාගයේදී පක්ෂග්‍රාහී ආකාරයෙන් කටයුතු කරන බවයි ඇය චෝදනා කරන්නේ.