Friday, October 18, 2024

General line - 0115112241

ලොවපුරා පරිගණක පද්ධති ලක්ෂ 2කට සයිබර් ප‍්‍රහාරයක්

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලොව පුරා පරිගණක පද්ධති ලක්ෂ දෙකක් පමණ ඉලක්ක කර සයිබර් ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා. විදෙස් වාර්තා පවසන්නේ අමරිකාව, චීනය, ඉරානය, ඉන්දියාව, මෙන්ම යුරෝපානු රටවල් කිහිපයක්ද ඒ අතර වන බවයි. අමරිකාවේ පරිගණක පද්ධති 55,000, චීනයේ පරිගණක පද්ධති 14,000 කට හා ඉරානයේ පරිගණක පද්ධති 3,500 ක් මෙම සයිබර් ප‍්‍රහාරයට ඉලක්ක වී ඇති බවයි ඉරානය පවසන්නේ. 

ඉරානයේ පරිගණක පද්ධතිය ඉලක්ක කර එල්ල වූ සයිබර් ප‍්‍රහාරයත් සමග සියලූ පරිගණකවල, හැකර්කරුවන් විසින් යොමු කරන ලද අමෙරිකානු ධජය සහ අනතුරු ඇඟවීමක්ද නිරූපනය වන බවයි වාර්තා වන්නේ. ‘‘අපගේ මැතිවරණ කටයුතු සඳහා මැදිහත් නොවන්නැයි’’ එම පණිවුඩයේ දැක්වෙන බවද සඳහන්. කෙසේවෙතත් ප‍්‍රහාරයට වගකිව යුතු පාර්ශවයක් පිළිබඳව ඉරානය මෙතෙක් ප‍්‍රකාශ කර නැහැ.