Thursday, May 2, 2024

General line - 0115112241

ජාතික අලූත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් ඓතිහාසික ජයශ්‍රී මහා බෝ සමිදුන් අභියස දී




ජාතික අලූත් සහල් මංගල්‍යය ඓතිහාසික ජයශී‍්‍ර මහා බෝ සමිදුන් අභියසදී අද (08) පැවැත්වුණා. ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. මහ කන්නයේ නෙළාගත් අස්වැන්නේ නොයිදුල් සහලින් ජයශී‍්‍ර මහා බෝ සමිදුන් පිදීම අලූත් සහල් මංගල්‍යයේදී සිදුවනවා. 

අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ අනුශාසනා පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශය හා ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් මෙවර එය සංවිධාන කර තිබුණේ 51 වන වරටයි. 

මෙහිදී සාම්ප‍්‍රදායිකව ජය ශ‍්‍රී මහා බෝ සමිඳුන් වෙත පූජා කෙරෙන මී පැණි පූජාව සඳහා පිරිසිඳු මී පැණි බඳුන ඌරුවරිගේ වන්නිල ඇත්තන් විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා. ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලයේ සාමාජිකයින් වෙත හදුනුම්පත් ලබා දීමද මෙහිදී සිදුවූ තවත් කටයුත්තක්.