Sunday, September 8, 2024

General line - 0115112241

ධවල මන්දිරයේ සාකච්ඡාවට උතුරු කොරියාව එකඟවෙයි

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




න්‍යෂ්ටික හරණය සම්බන්ධයෙන් සිය රට සමග  සාකච්ඡා කිරීමට සූදානම් බව උතුරු කොරියාව තහවුරු කර ඇතැයි අමෙරිකාව පවසනවා. විදෙස් වාර්තා පවසන්නේ කොරියානු රජය ඒ සඳහා ප්‍රතිඥා ලබා දී ඇති බව අමෙරිකාව තහවුරු කළ බවයි.

ඒ අනුව අමෙරිකාව සමග සාකච්ඡාවකට එක්වන බව උතුරු කොරියාව තහවුරු කළ පළමු අවස්ථාව මෙය වනවා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් අතර පැවැත්වීමට නියමිත සාකච්ඡා දෙපාර්ශවය විසින්ම රහසිගතව සැලසුම් කරමින් සිටන බවද ට්‍රම්ප් නියෝජිතයෙකු පැවසූ බව අමරිකානු මාධ්‍යයක් වාර්තා කර තිබෙනවා.

ඒ සඳහා දෙරටෙහි බුද්ධි අංශ නිලධාරීන් තුන්වන පාර්ශ්වයකද මැදිහත් විමත් සමග කිහිප අවස්ථාවකදීම හමුවී ඇතැයි වාර්තා වනවා.

පූර්ව සැලසුම් පරිදි ලබන මැයි මාසයේදී එම හමුව සිදුවීමට නියමිතයි. සැලසුම් කර ඇති පරිදි හමුව සිදුවුවහොත් අමරිකානු ජනාධිපතිවරයෙකු සහ උතුරු කොරියානු නායකයෙකු මුහුණට මුහුණ සාකච්ඡා සඳහා එළඹෙන පළමු අවස්ථාව එය වනු ඇති.

අමෙරිකාව එසේ පැවසුවද ඇතැම් විදෙස් වාර්තා පවසන්නේ අදාළ සාකච්ඡා සම්බන්ධයෙන් උතුරු කොරියාව තවමත් මුණිවත රකිමින් සිටින බවයි.