සමාජ ජාල වෙබ් අඩවි සහ ඒවාට සම්බන්ධ මෘදුකාංග භාවිතා කිරීමේදී වඩාත් සැළකිලිමත් වන ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍ය ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
සිත් ඇදගන්නා ආකාරයෙන් නිර්මාණය කරන ලද පණිවිඩ සමාජ ජාල ගිණුම්වලට යොමුකර පෞද්ගලික තොරතුරු, පරිශීලක නාමය, මුරපදය සහ ක්‍රේඩිට් කාඩ් අංක ලබා ගැනීමට පුද්ගලයින් උත්සහ කරන බවට තොරතුරු ලැබී ඇති බවයි එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.
කිසිඳු හේතුවක් නොමැතිව පෞද්ගලික සහ අතිශයින්ම වැදගත් තොරතුරු සමාජ ජාල වෙබ් අඩවිවල පළ නොකරන ලෙසත් යම් හෙයකින් එවැනි තොරතුරු පළ කර ඇතිනම් හැකි ඉක්මණින් ඉවත් කරන ලෙසත් නොදන්නා පුද්ගලයින් මිතුරන් ලෙස සමාජ ජාල ගිණුම්වලට එකතු කර නොගන්නා ලෙසත් සමාජ ජාල පරිශීලකයින්ගෙන් එරට බලධාරීන් ඉල්ලීමක් කර තිබෙනවා.