ෆේස්බුක් සමාගමේ හිමිකරු වන මාර්ක් සකර්බර්ග් අද (09) අමෙරිකානු නීති සම්පාදකයින් පිරිසක් හමුවේ පෙනී සිටීමට නියමිතයි. බ්‍රිතාන්‍ය සමාගමක් විසින් ෆේස්බුක් පරිශීලකයින් මිලියන ගණනකගේ තොරතුරු අවභාවිත කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට ඔහු මෙලෙස නීති සම්පාදකයින් හමුවේ පෙනී සිටින බවයි විදෙස් වාර්තා පැවසුවේ.
එම අවස්ථාව මාධ්‍යයට විවෘත නොවෙනු ඇති බවද සඳහන්. මීට අමතරව අදාල සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් සඳහා සකර්බර්ග් හෙට (10) දිනයේදී අමෙරිකානු කොංග්‍රසය හමුවේ පෙනී සිටීමට නියමිත බවයි වාර්තා වන්නේ.
එහිදී ෆේස්බුක් පරිශිලකයින්ගේ දත්ත බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් ඇනලටිකා ආයතනය විසින් ලොව පුරා සිටින මිලියන 87කගේ පමණ දත්ත අවභාවිත කර ඇති බව පසුගියදා හෙළි වුණා. ඒ සමගම ෆේස්බුක් ආයතනයද දිගින් දිගමට ගැටලූකාරී තත්ත්වයන් සඳහා මුහුණ පාමින් සිටිනවා.