Tuesday, November 26, 2024

General line - 0115112241

දත් මදිමින් සිටියදී බුරුසුව ගිලිලා - දත් බුරුසුව ඉවතට ගන්න වෛද්‍යවරුත් බය වෙයි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




දත් මදිමින් සිටියදී අත්වැරදීමකින් දත් බුරුසුව ගිළිණු පුද්ගලයෙකු පිළිබඳ පුවතක් වාර්තා වෙනවා.

කෙන්යාවේ රෝහලකින් පසුගියදා මෙම අපුරු සිදුවිම වාර්තා වුනා. ඒ පුද්ගලයෙකුගේ උදරයේ සිදු කළ සැත්කමකින් එහි තිබුනු දත් බුරුසුවක් ඉවතට ගැනීමේ සිද්ධියත් සමගයි.

අදාළ වෛද්‍යවරුන් මෙම සැත්කම ඉතා සාර්ථකව සිදු කර තිබුණා.

ඩෙවිඩ් චාරෝ නමි වු කෙන්යානු ජාතිකයා පසුගිය අඟහරුවාදා උදෑසන සිය නිවසේ දත් මදිමින් සිටියදී අත්වැරදිමකින් ඔහුගේ දත් බුරුසුව ගිලි තිබෙනවා. පසුව ඔහු තමා පදිංච් ගාන්සේ ප්‍රාන්ත රෝහලට ඇතුලත් වුවත් එහි සිටි වෛද්‍යවරුන් කියා තිබෙන්නේ ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර කිරිමට නොහැකි බවයි. 

දැඩ් උගුරේ අමාරුවකින් හා මානසිකව පිඩා විදිමින් සිටි ඩෙව්ඩ් චාරෝ හට රෝහල් පහකට ගියත් ඔහුට තමාගේ උදරයේ තිබෙන දත් බුරුසුව ඉවත් කර ගැනිමට හැකියාවක් නොලැබෙන්නේ වෛද්‍යවරුන්ට එම ශල්‍යකර්මය කිරිමට බිය විමයි.

අවසානයේදි ඔහුව කෙන්යාවේ ජාතික රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව "එන්ඩෝස්කොපි" ශල්‍යකර්මයකින් උදරයේ රැදි තිබුනු දත් බුරුසුව ඉවත් කිරිමට වෛද්‍යවරුන් සමත් වුනා. ඒ ඔහුට දත් බුරුසුව ගිලි දින 04 කට පසුවයි.

දත් බුරුසුව ගිලුනේ කෙසේද යන්න ගැන වෛද්‍යවරුන් කල විමසිමකදි ඔහු කියා ඇත්තේ තමන්ට අත්වැරදිමකින් එය ගිලුනු බවත් මින් ඉදිරියට එවැනි අත්වැරදිමක් වෙන්න තමන් ඉඩ නොතබන බවයී.