Thursday, May 2, 2024

General line - 0115112241

"දිය හැකි උපරිම සහාය දෙනවා" - ජනපති කියයි (PHOTOS)




මව්බිම වෙනුවෙන් යුතුකම් ඉටු කරන රණවිරුවන්ට රජයක් වශයෙන් දිය හැකි සියලුම සහාය ලබා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. 

මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ විසිර යාමේ උත්සවයට සහභාගී වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.

මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලේ විසිරයාමේ උළෙල අද (09) පෙරවරුවේ සේනාධිනායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණා.

මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලේ 48 වන මූලික පුහුණු පාඨාමාලව හැදෑරු විශේෂ බළකා නිලධාරින් 07 දෙනෙකු සහ සෙසු නිලයන් 189 ක් මෙහිදී විසිර ගියා.

දර්ශනීය සරඹ සංදර්ශන, තූර්ය වාදන සහ දර්ශනීය පැරෂුට් සංදර්ශනයකින් ද මෙම විසිරයාමේ උත්සවය වර්ණවත් කෙරුණා.

දක්ෂතම සිසුවා සහ දක්ෂතම ශාරිරික අභ්‍යාස සිසුවා ලෙස දෙවැනි ලූතිනන් ඩබ්.එම්.කේ.ආර්. වනිගසූරිය සහ දක්ෂතම වෙඩිතබන්නා ලෙස ලූතිනන්  ඊ.එම්.පී.ඩී. ඒකනායක මෙහිදී ජනාධිපති අතින් සම්මාන ලබා ගත්තා.

ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසල් භූමියේ නා පැළයක් ද රෝපණය කෙරුණු අතර, එහි ඔසු උයන නැරඹීමට ද ජනාධිපතිතුමා එක්වුණා.

ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විෙජ්ගුණරත්න, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් එම්.ටී.යූ මහලේකම් යන පිරිස ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙම අවස්ථාවට එක්ව සිටියා.