මහා පරිමාණයේ ව්‍යාජ ලිපි ලේඛන සාදා ඉඩම් විකිණීමේ ජාවාරමක නිරතවූ පුද්ගලයින් 06 දෙනෙකු මිනුවන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පෑලියගොඩ පොලිසිය සමත්ව තිබෙනවා.
මෙලෙස ඉඩම් විකිණීමෙන් රුපියල් මිලියන 40 කට අධික මුදලක් මෙම පිරිස විසින් වංචා කර තිබෙන අතර 2006 වසරේ සිට මෙම ක්‍රියාවලියේ යෙදී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන භාණ්ඩ අතර ව්‍යාජ ඔප්පු, ජාතික හැදුනුම්පත්, රබර් සිල් සහ ගනුදෙනු සඳහා යොදා ගනු ලැබූ චෙක් පොත්, බැංකු පොත් ඇතුළු ලිපි ලේඛණ රැසක් සහ ජංගම දුරකථනද වනවා.